මිය ගිය කොස්තාපල්ගේ පවුලට ලක්ෂ 15ක්.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ආරක්ෂක වශයෙන් සේවය කළ අභාවප්‍රාප්ත පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩිගේ පවුලට රුපියල් ලක්ෂ 15ක් ලබා දී තිබේ.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අතින් මෙම මුදල් පරිත්‍යාගය සිදු කර ඇත.

මේ අතර, මිය ගිය පොලිස් කොස්තාපල්වරයා සැරයන් නිලයට ද උසස් කර තිබේ.

පෙරේදා (25) දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක, පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි ජීවිතක්ෂයට පත් වූහ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *