මිල සංශෝධනයත් සමග බස් සංගම් ගාස්තු වැඩිවීමක් ඉල්ලයි.

ලංකා සුදු ඩීසල් මිල ඉහළ දැමීමත් සමඟ බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව බස් සංගම් ප්‍රකාශ කළා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අද (01) සාකච්ඡා කරන බවයි.

එමෙන්ම 10%ක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ.

මේ අතර පාසල් වෑන් රථ ගාස්තු සම්බන්ධයෙන් දෙමාපියන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය තීරණ ගැනීමට සිය සාමාජිකයන්ට අවස්ථාව ලබා දී ඇති බවයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා ප්‍රකාශ කළේ.

එමෙන්ම ත්‍රිරෝද රථ සංගම් සදහන් කළේ, මෙම අවස්ථාවේ ගාස්තු ඉහළ නැංවීමක් සිදු නොකරන බවයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *