Mon. Sep 16th, 2024

මෙරට ජන ගහණය ඉදිරියේ දී සැලකිය යුතු ලෙස පහළ යා හැකි බව කොළඹ විශ්විද්‍යාලයේ ප්‍රජාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා පවසයි.

ඒ සඳහා කරණු කිහිපයක් බලපා ඇති බව මහාචාර්යවරයා සඳහන් කළේය.

මෙරට උපත් අනුපාතය සියයට 25කින් අඩුවීම ද මීට එක් ප්‍රධාන කාරණයක් බව  කොළඹ විශ්විද්‍යාලයේ ප්‍රජාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා සඳහන් කළේය.

“අපේ රටේ වාර්ෂිකව සිදුවන උපත් සංඛ්‍යාව ඉතාම ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතිනවා. උදාහරණයක් විදියට 2013 අප රටේ සිදුවු උපත් සංඛ්‍යාව සමඟ සංසන්දනය කෙරුවොත් 2022 දී සිදුවුණ උපත් සංඛ්‍යාව ඇත්තටම 90,000කින් පමණ අඩුවෙලා තියෙනවා. වෙනත් විදියකින් කිව්වොත් 2013 උපත් සංඛ්‍යාව සහ 2022 උපත් සංඛ්‍යාව සංසන්දනය කෙරුවොත් 25%ක අඩුවක් තියෙනවා. වාර්තා වන උපත් සංඛ්‍යාව මරණ සංඛ්‍යාව ආසන්න වෙමින් පවතිනවා.”

තරුණ ප්‍රජාව විදෙස්ගත වීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් නොඳුරේදීම මෙරට ජන සංඛ්‍යාව පහළ යා හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යාව පිළිබඳව මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා පැවසුවේය.

“අපේ රටේ විශාල වශයෙන් තරුණ ජන සංඛ්‍යාවක් විදේශගත වෙනවා. එක පැත්තකින් උපත් අඩුවෙනවා මරණ ශීඝ්‍රයෙන් වැඩිවෙනවා. ගිය අය එන්නේ නෑනේ. නුඳුරු අනාගතයේ දී අපේ ජන සංඛ්‍යාව අඩු වෙන ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා.”

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *