මේක බැලුවොත් නම් ආයේ සැමන් කන එකක් නෑ..

0
65

මෙරටට ආනයනය කර ඇති මිනිස් පරිභෝජනයට නුසුදුසු සැමන් වර්ගයක් පිළිබඳව තොරතරු මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

ජාතික පාරිභෝගික පෙරමුණ විසින් ඊයේ (05) මධ්‍ය හමුවක් පවත්වමින් මෙම අනාවරණය සිදුකළා.

මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම සැමන් වර්ගය චීනයෙන් ආනයනය කර ඇති බවයි එම පෙරමුණේ මූල්‍ය කළමනාකරු වසන්ත කුමාර හරිස්චන්ද්‍ර පැවසුවේ.

මෙලෙස ආනයනය කර ඇති චීන සැමන් වර්ගය මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා දී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එවැනි තත්ත්වයක් උඩ අධිකරණ නියෝග පවා උල්ලංඝනය කරමින් වෙනත් ලේබලයක් යටතේ මෙම සැමන් වර්ගය වෙළෙඳපොළට නිකුත් ඇතිකර බව ඔහු පැවසුවා.

“චීනයෙන් ආනයනය කරනවා සැමන් වර්ගයක් ඒවායේ මාළු වෙනම වළලන්නත්, ටින් වෙනම වළලන්නත් නියෝග කරලා තියෙනවා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය, මේ වෙනකොට ඒක වෙනත් ලේබලයකින් කොහොමද වෙළෙඳපොළට ආවේ. ආනයනික චීන සැමන් එක 2021.03.28 තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. 2024.03.28 තමයි කල් ඉකුත්වීමේ දිනය තියෙන්නේ. මේකේ ලේබල් එකත් මාරු කරලා තියෙන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here