Mon. Sep 16th, 2024

මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය යන ප්‍රධාන මැතිවරණ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

දීර්ඝ රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලයකට පසුව ශ්‍රී ලංකාවෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් Michael Appleton හමුවූ අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍යවරයා මෙි බව පැවසීය.

“මේ මැතිවරණ වසරක්. මම මගේ අමාත්‍යාංශයේ නිලධාරීන් උපදෙස් දුන්නේ 2024 වසරට මාස දොළහක් නැහැ. මේ වසර අවසන් වන්නේ ඔක්තෝබර් මාසයෙන් ලෙස සළකා සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි”යනුවෙන්ද අමාත්‍ය මහින්ද අමරවීර නවසීලන්ත මහ කොමසාරිස්වරයා සමඟ පැවසීය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *