මෝල්ටාවේ අපි ආයෝජනය කරලා නෑ,චෝදනා අසත්‍යයි – ජවිපෙ නායකයා කියයි

0
102

මෝල්ටා රාජ්‍යයේ මුදල් ආයෝජනය කර ඇති බවට ඇතැම් පාර්ශව සිදුකරන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, අදාළ චෝදනා ඔප්පු කරන ලෙස තමා එම පිරිස් වෙත අභියෝග කරන බවය.

ගම්පහ ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

“අපි දූපත්වල සල්ලි ආයෝජනය කරනවා කියලා එක්කෙනෙක් කියනවා. කිව්වට පස්සේ තිස්ස කුට්ටියා කියනවා අපිට දඬුවම් දෙන්න ඕනේ කියලා. ටික දවසකින් මාව හිරේ යවනවා ලු. මමත් අපේ පක්ෂයේ කිසිවෙක් මේ රටේ මහජනයාගේ මුදල් සතයක් හොරකම් කරලා නෑ. එහෙම නාස්ති කරලා තියෙනවා නම් මේ විදියට අපිට දේශපාලනය කරන්න වෙන්නේ නෑ. දවසක් පාර්ලිමේන්තුවේ දී ජොන්ස්ටන් ප්‍රනාන්දු කිව්වා මට වංචනිකයින්ට, දූෂිතයින්ට දඬුවම් දෙන්න මට බලය තියෙනවා කියලා. මං නැගිටලා කිව්වා, ඒ බලය තිබුණානම් ඉස්සරහා පේළියේ ගොඩක් අය ඇතුළේ කියලා. අපි මඩ, අවලාද කිසිදේකට සැලෙන දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. මෙහෙම දේශපාලන බෙදීමක් ලංකාවේ මෑත කාලයේ සිදුවුණේ නෑ. ඒගොල්ලේ වෙන වෙන බෙදීම් හැදුවා. එකිනෙකා ඇනකොටා ගන්නා රටක් හැදුවා ඒ අය. බැහැයි පළමු වතාවට ප්‍රභූ දුෂිත පැලැන්තියට එරෙහිව පොදු ජනයාගේ ඒකාබද්ධතාවය සහිත ව්‍යාපාරය ගොඩනැගිලා තියෙනවා. ඒක තමා අවස්ථාව. මේක තමා අත්පත් කරගත යුතුම අවස්ථාව.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here