Mon. Sep 16th, 2024

ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ බදු ප්‍රතිසංස්කරණය ප්‍රධාන අංගයක් බවත් බදු සංචිතය පුළුල් කිරීම රජයේ බදු ආදායම් ඉහළ නැංවීමේ ප්‍රධානතම ක්‍රියාමාර්ගයක් බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කරයි.

රට තුළ නව බදු නීති ක්‍රියාවට නැංවීමත් සමග පසුගිය මාස 6ක, මාස 8ක කාලසීමාව තුළ බදු සංචිතයේ වර්ධනය රජයට සතුටුදායක නොවන බැවින් බදු පරිපාලනය ශක්තිමත් කරලීමට පියවර ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රාජ්‍ය බදු ආදායම තීරණාත්මක සාධකයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කොළඹ පැවැති උත්සවයකදී මේ බව සදහන් කරයි.

එහෙත් බදුකරණය දැන් ඉහළ මට්ටමක පවතින බැවින් වැට් බද්ද සියයට 15%කට වඩා වැඩි කිරීමට බැරි බවත් ආදායම් බදු සියයට 36%ට වඩා වැඩි කිරීමට නොහැකි බවද ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති ආචාර්ය දුමින්ද හුලංගමුව සදහන් කරයි.

තවද ආයතනික බදු සියයට 30%ට වඩා වැඩි කිරීමට නොහැකි බවත් සියලුම ක්ෂේත්‍රයන්වල උපරිම බදු මට්ටම් දැන් ක්‍රියාත්මක කරන බැවින් බදු අනුපාත ඉහළ නංවන තරමට, ප්‍රතිලාභ ලැබීම් මෙන්ම ආදායම්ද පහත වැටෙන බවද උප සභාපති ආචාර්ය දුමින්ද හුලංගමුව සදහන් කරයි.

ලබන වසරේ මැතිවරණ වසරක් හේතුවෙන් සියලුම දේශපාලන පක්ෂ පොහොර නොමිලේ දෙන බවට, සමෘද්ධි දීමනාව රුපියල් දසදහසේ සිට පනස්දහස දක්වා ඉහළ නංවන බවට හෝ ඉන්ධන ලීටරයක් රුපියල් 200කට දෙන බවට පොරොන්දු ලබා නොදෙන ලෙසට ඉල්ලා සිටින බවද ආචාර්ය දුමින්ද හුලංගමුව සදහන් කරයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *