Thu. Sep 19th, 2024

සංචාරකයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රටවල් පහක විදේශිකයන් වෙනුවෙන් ඉදිරි වසර තුන සඳහා නිදහස් සංචාරක වීසා නිකුත් කිරීම සඳහා පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි යන අයගේ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙසයි.

එයට එළඹෙන කැබිනට් මණ්ඩලයේ දී අනුමැතියද හිමිවනු ඇති බවයි සැලකෙන්නේ.

ඒ අනුව චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය හා ඉන්දුනීසියාව යන රටවල් වලින් පැමිණෙන සංචාරකයින් සඳහා නිදහස් වීසා හිමි වන බවයි සඳහන් වන්නේ.

රටවල් රැසක සංචාරකයින් වීසා බලපත්‍ර වලින් නිදහස් කිරීමේ අරමුණ වන්නේ සංචාරකයින් වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකා වෙත ආකර්ෂණය කර ගැනීමයි.

ඒ අනුව වසරකට මිලියන 5ක සංචාරක ආකර්ශනයක් හිමි කරගැනීමයි බලාපොරොත්තුව වන්නේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *