රටවල් හතකට නොමිලේ වීසා

රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, මාර්තු 31 වනදා දක්වා එම සහනය ලබාදෙන බවය.

ඒ අනුව ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලට වීසා බලපත්‍ර රහිතව ඇතුළුවීමට අවසර හිමිවේ. 

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *