රට රැකියාවට යන්න ඉන්න අය වෙනුවෙන් ගත් තීරණයක්.

0
94

දිවයිනේ ප්‍රදේශ තුනක විදෙස් රැකියා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට අදාළව විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

විදෙස් රැකියා අපේක්ෂකයින් සඳහා කඩිනම් මෙන්ම ගමනාන්ත රට ඉලක්ක කරගත් විශේෂිත පුහුණු වැඩසටහන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවත්වනු ලබයි.

මේ වනවිට දිවයින පුරා කුලී පදනමින් ලබාගෙන ඇති ගොඩනැගිලිවල අවම පහසුකම් යටතේ මෙම පුහුණු වැඩසටහන් පවත්වාගෙන යනු ලබන බව සඳහන් වෙයි.

එබැවින් ශ්‍රී ලංකා විදෙස් සේවා නියුක්ති කාර්යාංශයටම අයත්වන පරිදි පුහුණු මධ්‍යස්ථාන යාපනය, හෝමාගම සහ අම්පාර යන ප්‍රදේශවල ස්ථාපිත කිරීමට අමාත්‍යවරයා මෙමගින් යෝජනා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here