Mon. Sep 16th, 2024

2024 අයවැය මගින් රාජ්‍ය සේවකයින් සඳහා යෝජිත රුපියල් 10,000ක වැටුප් වැඩිවීමේ පළමු අදියර ලෙස රුපියල් 5,000ක දීමනාවට අදාළ මුදල් භාණ්ඩාගාරය මඟින් නිදහස් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ දැනට රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 95ක පමණ මුදලක් වැය වන බවයි.

ජනවාරි මස සිට එම මුදල් තවත් රුපියල් බිලියන 7කින් ඉහළ යන අතර අප්‍රේල් මස සිට යෝජිත රුපියල් 10,000ක වැටුප් වැඩිවීමෙන් පසුව අතිරේකව රුපියල් බිලියන 14ක් පමණ රජයට වැය වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුනි.

මුදල් මුද්‍රණය සහ ණය ගැනීම නවතා ඇති තත්ත්වයක් තුළ, වියදම් කළමනාකරණය කිරීම තුළින් පමණක් අදාළ මුදල ඉතිරි ගත යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *