රාජ්‍ය සේවයේ නව බඳවාගැනීම් සම්බන්ධයෙන් ගත් තීරණය.

ඉදිරියේ දී රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යම ක්ෂේත්‍රවලට හැර වෙනත් රාජ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු රැකියාවක් සඳහා නව බඳවා ගැනීම් සිදු නොවනු ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ වර්තමානයේ රාජ්‍ය සේවය ආණ්ඩුවට දරාගත නොහැකි ගැටලුවක් වී ඇති බවයි.

“රාජ්‍ය සේවකයන් ලක්ෂ 15ක් ඉන්නවා. රටේ ජනගහනය මිලියන 21යි. ආසන්න වශයෙන් ජනගහනය 12 දෙනෙකුට රාජ්‍ය සේවකයෙක් ඉන්නවා. ඒක ලෝක රාජ්‍ය සේවක අනුපාතය වැඩිම එකක්. ඉතින් අපි සියලු දෙනා විශාල ජාතික බරක් දරනවා තවදුරටත් ඒක කරන්න බැහැ.”

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *