Thu. Sep 19th, 2024

ඇෆ්ගනිස්තානයේ, හෙරාත් නගරයට කිලෝමීටර 28ක් පමණ දුරින් තවත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.

එම භූකම්පනය රික්ටර් මාපකයේ 6.3ක් ලෙස සඳහන් වී තිබේ.

ගිය සෙනසුරාදා ද බටහිර ඇෆ්ගනිස්තානයට ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබූ අතර එයින් පුද්ගලයි 2,445 අධික පිරිසක් මියගියේය.

එම ප්‍රදේශයට නුදුරින් මෙම භූකම්පනය හටගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව ද 10,000කට ආසන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හිරාත් ප්‍රාන්තයේ ගම්මාන 12කට භූකම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර නිවාස 1,000කට ආසන්න සංඛ්‍යාවක් ද විනාශ වී ඇති බව සඳහන් වේ.

ඇෆ්ගනිස්තානයේ පසුගිය ජුනි මාසයේ සිදුවූ භූකම්පනයකින් ද පුද්ගලයින් දහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *