ලොතරැයි දිනුම් ඇතැයි ඇමතුම් ලබාදී ලක්ෂ 18ක් වංචා කරලා.

0
63

ලොතරැයියක දිනුමක් තිබෙන බව පවසමින් කාන්තාවන්ට සහ පිරිමින්ට දුරකතන ඇමතුම් ලබාදී වංචනික ලෙස මුදල් ඉපැයූ පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය සමග කිරිබත්ගොඩ පොලිසිය මගින් පෙරේදා (30) පස්වරුවේ කිරිබත්ගොඩ පෞද්ගලික බැංකු ශාඛාවක් අසලදී අත් අඩංගුවට ගෙන ඇත

මොහු මේ කුඨ ව්‍යාපාරය තුළින් මේ වන විට රුපියල් ලක්ෂ 18 කට වැඩි මුදලක් වංචනික ලෙස ලබා ගෙන තිබෙන අතර මේ සම්බන්ධව පැමිණිලි කීපයක්ම පොලිසියට ලැබී තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු ළඟ තිබී අන්සතු ඒ.ටී.එම්.කාඩ් පතක්,ජංගම දුරකථන දෙකක් , රුපියල් හැට දහසක මුදලක් සමග පොලිස් භාරයට ගැනිණි.

මොහු මත්කුඩුවලට තදින්ම ඇබ්බැහි වී සිටින පුද්ගලයකු වන අතර එම අවස්ථාවේ ඔහු ළග තිබී අයිස් මිලි ග්‍රෑම් 3420 ක් සොයා ගැනීමට ද පොලිසියට හැකිවිය.මේ සඳහා මොහුට සහාය දෙන කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කෙරෙන අතර එම කාන්තාව සිම් කාඩ්පත් අලෙවිසලක් පවත්වා ගෙන යන තැනැත්තියක් වන බවට තොරතුරු ලැබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කැලණිය , ඊරියවැටිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි තිස් දෙහැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here