ලොවම අනතුරේ හෙලන “X” වසංගතය.

0
78

වර්තමානයේ කොරෝනා හා ඩෙංගු වසංගතයන් හමුවේ පීඩාවට පත් වී සිටින ගෝලීය ජනතාවට කොරෝනා වසංගතයට වඩා විසි ගුණයක් මාරාන්තික “X” යනුවෙන් නම් කර ඇති රෝගය වන (ඩිසීස් එක්ස්) වසංගතයකට ඉතා ළඟදීම මුහුණ පෑමට සිදු වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත.

ඉකුත් ජනවාරි මස දෙවැනි සතියේදී සිදු කළ අනතුරු ඇඟවීම ලොව පුරා මාධ්‍යවලට මේ වන විට විශේෂිත පුවතක් බවට පත් වී ඇත.

තවමත් ඇසට විද්‍යාමාන වන අයුරින් පැතිර නොයන “X” යනුවෙන් නම් කර තිබෙන රෝග කාරක විෂබීජයක් හේතුවෙන් මිනිසාගෙන් මිනිසාට මෙය පැතිර යනු ඇති බවට වාර්තා වේ.

මෙම “X” රෝගය දැනටමත් සතුන් අතර පැතිර යමින් තිබිය හැකි අතර එය කුමන මොහොතක හෝ මිනිසාට සම්ප්‍රේෂණය වී ගෝලීය වසංගතයක් ලෙස පැතිර යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය හා සෞඛ්‍ය විද්වතුන් විසින් අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම “X” රෝගය කොරෝනා මෙන්ම වෛරසයක් හේතුවෙන් පැතිර යන ශ්වසන රෝගයක් විය හැකි බවත් එම රෝග කාරකය දැනට සංසරණය වෙමින් පවතින්නක් හෝ නව රෝගකාරකයක් හේතුවෙන් හටගන්නක් විය හැකි බව වෛද්‍යවරුන්ගේ අදහස වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here