වතු නිවාස පෙළක් මතට පස් කන්දක් කඩා වැටෙයි.

බගවන්තලාව තෙරේසියා වතුයායේ වතු නිවාස පෙළක් මතට අද (15) උදැසන විශාල පස් කන්දක් කඩා වැටි තිබෙනවා. උදැසන 9 ට පමණ එම වතු නිවාස පේළියට පිටුපසින් පිහිටි පස් කන්ද එක වරම කඩා වැටී තිබෙනවා. පස් කන්ද කඩා වැටීමෙන් කිසිවෙකුට තුවාල සිදු වි නොමැති බවයි පොලිසිය පවසන්නේ.

බගවන්තලාව ප්‍රදේශයට තවදුරටත් අධික වැසි පතිත වන නිසා පස් කන්ද කඩා වැටුණු නිවාස පහේ පදිංචි පවුල් පහකට අයත් සමාජිකයන් 30 දෙනෙකු පමණ එම වතුයායේ ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට වතු පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *