වර්ජිත දුම්රිය රියදුරන් ගෙදර යවන්න ලිපි නිකුත් කරන ලෙස දැනුම් දෙයි.

0
54

දුම්රිය සේවය ගැසට් නිවේදනයක් හරහා අත්‍යවශ්‍ය සේවා කර තිබියදී වර්ජනයේ නිරතව සිටින රියදුරන් 84 ට සේවය අතහැර ගියා සේ සළකන බවට ලිපි යොමු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (13) පස්වරුවේ පැවසීය.

මේ පිළිබඳව කළ විමසුමකදී දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා අද (13) පස්වරුවේ පැවසුවේ එම රියදුරන් සම්බන්ධයෙන් පියවර ගැනීමට දුම්රිය පරිපාලන අංශයට යොමුකර ඇති බවය.

වර්ජනය නැවැත්වීමට දෙපාර්තමේන්තුවක් ලෙස දුම්රියට බලධාරීන්ට ගතහැකි පියවරක් නොමැති බවත් ඒ සඳහා ආණ්ඩුව සහ ප්‍රවාහන අමාත්‍යංශ මට්ටමින් තීරණ ගතයුතු බවත් ඒ මහතා කීය.

වර්ජනය නතර කරන බවට වර්ජකයන් කිසිඳු දැනුම්දීමක් මේ දක්වා කර නොමැති බව ද ඉදිපොළගේ මහතා වැඩි දුරටත් සඳහන් කකළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here