Mon. Sep 16th, 2024

ශ්‍රී පාද වන්දනාවේ වන්දනාකරුවන් පිරිසක් රැගෙන වෑන් රථයකින් පැමිණි රියැදුරෙකු සන්තකයේ ව්‍යාජ මුදල් නොට්ටු කිහිපයක් තිබි හමු වු බවත්, සැකකරු ඊයේ (17) දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය පැවසීය.

සැකකරු වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි අවු 45 හැවිරිදි අයෙකු බවත්, ඔහු වෑන් රථයක රියැදුරෙකු වශයෙන් සේවය කරන අයෙකු බව නල්ලතන්නිය පොලිසිය කියා සිටියේය.

සැකකරු මැදමුලන ප්‍රදේශයේ වන්දනාකරුවන් පිරිසක් සමග ඊයේ රාත්‍රියේ නල්ලතන්නිය ප්‍රදේශයට පැමිණ වන්දනා නඩය ශ්‍රී පාද මළුව කරා යාමෙන් පසු සැකකරු සැකකටයුතු ලෙස නල්ලතන්නිය නගරයේ සැරිසරන අවස්තාවේ වෙලදසැල් හිමියෙකු විසින් සැකකරු සම්බන්ධයෙන් ලබාදුන් තොරතුරක් මත වහා ක්‍රියාත්මක වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් රියැදුරා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි සැකකරුගේ මුදල් පසුම්බියේ තිබි රුපියල් දහසේ ව්‍යාජ නොට්ටු 11 ක් සහ පන්සියේ ව්‍යාජ නොට්ටුවක් සොයා ගත් බව පොලිසිය පැවසීය.

වෑන් රථයෙන් කුලි පදනම මත පිරිසක් ප්‍රවාහනය කල අවස්තාවේ තම වෑන් රථයේ ගමන් ගත් පිරිස විසින් එම මුදල් නොට්ටු තමන්ට ලබාදුන් බවත්, එම මුදල් ව්‍යාජ නොට්ටු බව තමන් නොදන්නා බව රියැදුරා විසින් පොලිසියට ප්‍රකාශ කළ බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *