වාර්තා පොතට එක්කරමින් නෙදර්ලන්තය සුවිශේෂී ජයක්.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර අද (17) පැවැති තරගය ලකුණු 38කින් ජයගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.

අද තරගය ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව එක් කණ්ඩායමකට හිමිවූ පන්දුවාර සංඛ්‍යාව 43කි.

එහි කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කර තිබුණි.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 43 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 245ක් රැස්කළේය.

ලකුණු 246ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය දකුණු අප්‍රිකාව පන්දුවාර 42යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 207ක් පමණි.

මෙය නෙදර්ලන්ත කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරගයකදී ටෙස්ට් ක්‍රීඩා කරන රටක් පරාජයට පත්කළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වෙයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *