වැඩි මිලට සහල් විකුණන අයට වැඩ වරදියි.

0
98

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳසල්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාකරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව දිවයින පුරා අඛණ්ඩව වැටලීම් සිදු කරන බවත් එවැනි වෙළෙඳසලක් වේ නම් ඒ පිළිබඳව 1977 කෙටි දුරකථන අංකය වෙත තොරතුරු ලබාදෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල වන්නේ කීරි සම්බා රුපියල් 260ක්, සම්බා රුපියල් 230ක්, නාඩු රුපියල් 220ක් සහ රතු කැකුළු රුපියල් 210ක් ලෙස දක්වා ඇත. තවද ගැසට් නිවේදනයේ සඳහන් මිල ගණන්වලට සහල් අලෙවි කරන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, වෙළෙඳුන් වෙත දන්වා සිටියි.

වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධ නඩු පැවරීමකදී තනි පුද්ගල ව්‍යාපාරයකට අවමය රුපියල් ලක්ෂයේ සිට උපරිමය රුපියල් ලක්ෂ 05 දක්වා දඩ මුදලක්ද, පෞද්ගලික සමාගමක් සඳහා අවමය රුපියල් ලක්ෂ 5 හේ සිට රුපියල් මිලියන 5 දක්වා දඩ මුදලක් ද අධිකරණය මගින් නියම කළ හැකි බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් දන්වා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here