විදුලි කප්පාදුව අනිවාර්යයි..! තෙල්වලින් දුවන්න සල්ලි නෑ..

0
75

ඇති වී තිබෙන දැඩි වියළි කාලගුණය හේතුවෙන් ඉතා නුදුරේදීම නැවතත් විදුලි කප්පාදුවක් ප්‍රකාශයට පත් කිරීම සිදු වන බව ලංකා විදුලිබලමණ්ඩල බලධාරීන් කියා සිටිති.
සමනල වැව ජලාශයෙන් ගොවිතැන් කටයුතු සඳහා ජලය මුදා හැරීමෙන් දකුණු පළාතට දිනකට පැය හතරක් විදුලිය කපා හැරීමට සිදුවන බව විෂය භාර අමාත්‍යවරයා දැනටමත් ප්‍රකාශකර ඇත්තේ ජල විදුලි නිෂ්පාදනය දිනෙන් දින අඩු වෙමින් තිබෙන නිසා බවද ඔවුන් පෙන්වා දෙති.
මේ වන විටත් පුද්ගලික බලාගාරවලින් ඇතුළු අනෙක් තාප බලාගාරවලින් විදුලිය ලබා ගනිමින් පැය 24 පුරා අඛණ්ඩ විදුලියක් ලබා දෙමින් සිටියද ඉන්ධන මඟින් විදුලි අවශ්‍යතාව සපුරා ගැනීමෙන් මෙම වසරේ මණ්ඩලයේ පාඩුව කෝටි 500 සීමාව ඉක්මවා යනු ඇති බවද ඒ හේතුවෙන් පවතින නියං තත්ත්වය මත විදුලිය කපා හැරීම මත වෙනත් විකල්පයක් නැති බවත් ඔවුන් අවධාරණය කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here