Thu. Sep 19th, 2024

මහජන උපයෝගීතා කොමිෂන් සභාව සිදුකළ විශ්ලේෂණයට අනුව වර්තමාන විදුලි ගාස්තු සියයට විස්සත් විසිපහත් (20% – 25%) අතර ප්‍රතිශතයකින් අඩු කළ හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සේවක සංගමය සඳහන් කරයි.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කළ විදුලි ගාස්තු සංශෝධනය හා ලංකා විදුලි බල මණ්ඩලයේ නවතම මූල්‍ය ප්‍රකාශන මත පදනම්ව සිදුකළ අධ්‍යනයෙන් මේ පිළිබඳව අනාවරණය වූ බව එම සංගමය පෙන්වා දුන්නේය. කොමිෂන් සභාවේ සාමාජිකයන් ඉදිරියේදී විදුලි ගාස්තු සම්බන්ධයෙන් තීරණයකට එළැඹීමේදී ස්වාධීන විශේලේෂණ, කොමිෂන් සභාවේ විදුලි ගාස්තු අංශයේ විශේෂඥයන්ගේ නිර්දේශ හා වෙනත් පාර්ශ්වකරුවන්ගේ සැලකිල්ලට ලක්වූ කරුණු අනුව එය සිදු කළ යුතු බව ඔවුහු සඳහන් කළහ..

මේ වනවිටත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණ වල සාධාරණභාවය හා පාරදෘශ්‍යභාවය පිළිබඳව පාරිභෝගිකයන් තුළ පැවැති විශ්වාසය පළුදු වී ඇති බවද එම කොමිෂන් සභාවේ සේවක සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

ඉදිරි විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් මෙම සංගමය සාකච්ඡාවක් ද ඉල්ලා ඇත. මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැවරී ඇති නියාමන වගකීම ඉටුකිරීමේදී පාරදෘශ්‍යභාවය, වගවීම හා පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් උසස් ප්‍රමිතිය පවත්වාගෙන යාම සහ ස්වාධීන තීන්දු ගැනීම අත්‍යවශ්‍ය බව එම සේවක සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *