විදුලි ගාස්තු ඉහළ දැමීමට විදුලි බල මණ්ඩලය අවසර ඉල්ලයි.

0
66

හදිසි විදුලි ගාස්තු සංශෝධනයකට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා ඇත.

ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පසුගිය මස 21 වැනි දින මහජන උපයෝගීතා කොමිෂන් සභාවට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට හා මුදල් අමාත්‍යාංශයට ලිපියක් ​යොමු කරමින් මෙම ඉල්ලීම කර තිබේ.

වාර්ෂිකව රුපියල් බිලියන තිස් තුනක ආදායමක් ලැබෙන පරිදි විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතු වන්නේ නියඟය හේතුවෙනි. ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ලැබීම අවම වීම නිසා ඉන්ධන මගින් විදුලිය නිෂ්පාදනය කිරීම වැඩි කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇත. මේ නිසා සිදුවන අමතර වැය බර උපයා ගැනීම සඳහා විදුලි ගාස්තු සංශෝධනයකට යා යුතු බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි. මීට මාස දෙකකට පෙර විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කළද ගාස්තු සංශෝධනය නිසි පරිදි සිදු නොවූ බව මණ්ඩලයේ අදහස වී තිබේ. අධික නියඟය හේතුවෙන් විදුලි ඉල්ලුමද ගිගාවොට් පැය 44කින් ඉහළ ​ගොස් තිබේ.

එම නිසා විදුලි ගාස්තු සංශෝධනයක් හෝ වෙනත් සහනයක් ලබාදීමට කටයුතු කරන ලෙස මණ්ඩලය සිය ලිපියෙන් ඉල්ලා ඇත. එසේ නොමැති වුවහොත් හදිසි විදුලිය මිලදී ගැනීමකටද ලංකා විදුලි බල මණ්ඩලයේ අවධානය යොමු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here