විදුලි ගාස්තු සියයට 20කින් අඩු කරන්න පුළුවන්.

0
66

විදුලි ගාස්තු සියයට 20කින් අඩු කිරීමට විදුලි බල මණ්ඩලයට හැකියාව පවතින බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පවසයි.

ඔහු සඳහන් කළේ, එම මණ්ඩලය අසත්‍ය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් විදුලි ගාස්තු වැඩිකර ඇති බවයි.

ජනතාවට සහන මිලට විදුලිය ලබා දීමට විදුලි බල මණ්ඩලයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ මහතා සඳහන් කර තිබේ.

මේ අතර, ජනතාවගෙන් අනීතික ලෙස මුදල් අයකරමින් විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 60කට වඩා ලාභයක් උපයා ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සංජීව ධම්මික මහතා සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here