විදුලි බිල වැඩි නොකළොත් වෙන දේ IMF පහදයි.

විදුලිබල අංශය ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ඔස්සේ ශ්‍රී ලංකාව ඉදිරියට රැගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ මතය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් ප්‍රකාශ කර ඇත.

ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් බලශක්ති හා විදුලිබල ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාව වැඩි කරගැනීමට හැකියාව පවතින බවත් පොදුවේ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බවයි ඔහු පෙන්වා දී තිබේ.

එසේම එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන වැඩසටහනේ කොටසක් බවද ඔහු ප්‍රකාශ ඇත.

මුහුණ දී තිබෙන දුෂ්කරතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තේරුම් ගෙන ඇතත්, නිපදවීමට යන මුදල ජනතාවගෙන් අය කර නොගතහොත් අවසානයේ විදුලි බල අංශය පාඩු ලබනු ඇති බවත් එවිට එය ජනතාවගේ ප්‍රශ්නයක් වනු ඇති බවත් ඔහු දක්වා ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *