ශකිබ් අල් හසන් ඉදිරි තරගය අහිමිවෙයි.

බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරගය අහිමිව තිබේ.

ඒ ආබාධයක් හේතුවෙනි.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය සඳහන් කරන්නේ ඊයේ පැවති ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී වම් අතේ ඇඟිල්ලක ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙලෙස ඉදිරි තරග අහිමිව ඇති බවය.

දිල්ලි හිදී ඔහුගේ වම් අතේ X රේ පරීක්ෂාවක් සිදුකිරීමෙන් අනතුරුව අස්ථි බිඳීමක් සිදුව ඇති බව තහවුරු වී තිබේ.

තරගයේ පන්දුවට පහරදෙමින් සිටියදී පන්දුව අතේ වැදීමෙන් ඔහුව ආබාධයට ලක්වූ බවත් තාවකාලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ඔහු අඛණ්ඩව පන්දුවට පහරදී ඇත.

ඒ අනුව 11 වනදා පූනේහිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන බංග්ලාදේශ කණ්ඩායම සහභාගී වන ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය ඔහුට අහිමිවනු ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *