ශ්‍රී ලංකා – පාකිස්තාන තරගය අද

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද (10) පැවැත්වේ.

හයිද්‍රාබාද්හි දී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට ආරම්භ වීමට නියමිතය.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහභාගී වනු ඇති බව වාර්තා වේ.

මේ වන විට පාකිස්තානය සහ ශ්‍රීලංකාව අතර ලෝක කුසලාන එක්දින තරග 08ක් පවත්වා ඇති අතර ඉන් 07ක්ම පාකිස්තානය ජයගෙන ඇති අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *