ශ්‍රී ලංකා  -ශ්‍රී ලංකා  – ඇෆ්ගනිස්තාන පුහුණු තරගය අද ඇෆ්ගනිස්තාන පුහුණු තරගය අද

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පුහුණු තරගය අද (03) ගුවහාටිහි දී පැවැත් වේ.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 02ට තරගය ආරම්භ වීමට නියමිතය.

මීට අමතරව ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර තරගයත් ඔස්ට්‍රේලියාව සහ පකිස්තානය අතර තරගයත් අද පැවැත් වේ.

ඊයේ (02) පැවති තරගවලදී බංග්ලාදේශයට එරෙහිව එංගලන්තය කඩුලු 04ක ජයක් අත්කර ගත්තේය.

දකුණු අප්‍රිකාව සමග පැවති තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 07කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *