සංචාරක වීසාවලින් රට පනින අයට වැඩ වරදියි.

0
66

සංචාරක වීසා යොදාගෙන සිදු කෙරෙන නීති විරෝධී විදේශගතවීම් වැළැක්වීම සඳහා කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත කළ ‘ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකය’ කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර ඊයේ (21) විවෘත කළේය.

ඕමානය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත මෑත කාලීනව විශාල පිරිසක් සංචාරක වීසා යටතේ රැකියා සඳහා පිටත්ව ගොස් ප්‍රශ්න රාශියක් නිර්මාණය වී ඇති බවත්, ඒවා වැළැක්වීම උදෙසා මෙම නව ඒකකය ස්ථාපිත කළ බවත් ඇමැතිවරයා එහිදී පැවසීය.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මිනිස් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්යය සාධන බලකායේ නිර්දේශ මත මෙම නව ඒකකය පිහිටුවා තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින් එහි සේවයෙහි යොදවා තිබේ.

මාස තුනක නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක මෙම ඒකකයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු, එහි සිදු කළ යුතු සංවර්ධන යෝජනා ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here