සනත් නිශාන්ත මියයෑමට මොහොතකට පෙර.

අද (25) අලුයම 2ට පමණ කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණි.

සනත් නිශාන්ත මහතා එලෙස අනතුරට ලක්ව තිබුණේ, කටුනායක සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටිය දීය.

ඒ මහතා ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථය ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනර් රථයක පිටපස ගැටී අනතුර සිදුව තිබිණි.

ඊයේ (24) රාත්‍රියේ හලාවත, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වී ආපසු කොළඹ බලා එමින් අතරතුර දී සනත් නිශාන්ත මහතා රිය අනතුරට ලක්වුණි.

එම මංගල උත්සවයේ දී මනාල යුවළ විසින් සනත් නිශාන්ත මහතා සමග ලබාගත් සෙල්ෆි ඡායාරූපය මුහුණුපොතේ මේ වනවිට සංසරණය වන අතර එම ඡායාරූපය ලබාගත් පුද්ගලයා සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහන් තබා තිබුණි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *