සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට හදිසි උපදෙසක්.

දරිද්‍රතාවයෙන් පෙළෙන සවිබල ගැන්විය යුතු අනෙකුත් පවුල් හඳුනාගැනීමට කඩිනමින් සමීක්ෂණයක් සිදුකරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල් අමාත්‍යාංශය, සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එක්ව කමිටුවක් පත්කර ගන්නා ලෙස එම කාරක සභාව උපදෙස් ලබා දී ඇත.

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වුණි.

ආර්ථික අර්බුදයේ බලපෑමෙන් පීඩාවිඳින අස්වැසුම ලබන හා නොලබන සියලුම පවුල් සවිබල ගැන්වීමේ වගකීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට පැවරෙන බව සභාපතිවරයා නිලධාරීන් හමුවේ සිහිපත් කළේය.

එමෙන්ම ඉදිරි වසර පහ තුළ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වන සැලැස්මක් වහාම සකසන ලෙසද එම කමිටුව සමෘද්ධි දෙපාර්තමේන්තුවට නියෝග ලබා දුන් බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

මේ අතර ග්‍රාමීය ව්‍යවසායකයින් ජාත්‍යන්තර වෙළෙඳපොළට සම්බන්ධ කිරීම සඳහා “සමෘද්ධි ප්ලස් ” නමින් වැඩසටහනක් ආරම්භ කළ බව රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා සඳහන් කළේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *