සිම්බාබ්වේට විස්සයි විස්ස ලෝක කුසලානයත් අහිමි වෙයි.

ඇමරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි 2024 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය සිම්බාබ්වේ කණ්ඩායමට ඊයේ (30 වැනිදා) අහිමි විය.

පළමු වටයේදී එක් කණ්ඩායමක් තරග 6 බැගින් ක්‍රීඩා කරන අප්‍රිකානු සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම තරග 4ක් පමණක් ජයග්‍රහණය කළ අතර තරග 5 බැගින් ජයග්‍රහණය කළ නැමීබියාව සහ උගන්ඩාව ලෝක කුසලානය සඳහා සුදුසුකම් හිමි කරගත්හ.

සිකන්දර් රාසා, රයන් බර්ල්, ශෝන් විලියම්ස් වැනි නම් දැරූ ක්‍රීඩකයන් රැසකගේ සහභාගීත්වයෙන් යුත් සිම්බාබ්වේ කණ්ඩායමට 2023 එක්දින ලෝක කුසලානයද, සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වීම නිසා අහිමි විණි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *