Sun. Sep 8th, 2024

පවතින අධික වැසි තත්ත්වයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම මේ වනවිට තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව මේ වනවිට පානදුගම ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම තත්ත්වය තවදුරටත් ඉහළ යමින් පවතින බවය.

ඒ අනුව ඉදිරි පැය 24 තුළ කොටපොළ, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.

එසේම තලගහගොඩ ප්‍රදේශයෙන් ද නිල්වලා ගඟේ ජල මට්ටම ගැන අවධානයෙන් පසුවිය යුතු මට්ටම දක්වා වර්ධනය වී තිබේ.

මේ අතර අධික වර්ෂාවත් සමග අත්තනගලු ඔයේ ජල මට්ටම ද ඉහළ යමින් පවතී.

ගිං ගඟේ ජල මට්ටම ද මේ වනවිට ඉහළයමින් පවතින අතර එය බද්දේගම සහ තවලම ප්‍රදේශවලින් අධානයෙන් සිටිය යුතු මට්ටම දක්වා වර්ධනය වී තිබේ.

කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටම ද මේ වනවිට ඉහළයමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසයි.

මේ අතර බස්නාහිර, සබරගමුව යන පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *