හෙට අස්වැසුමේ නව අයදුම්පත් කැඳවයි.

නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4ක් තෝරාගැනීමට අයදුම්පත්‍ර කැඳවීම හෙට (10) ආරම්භ වීමට නියමිතව ඇත.

ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී විවිධ පාර්ශ්වවලින් ලද යෝජනා අනුව ඇතැම් නිර්ණායක සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

පවුල් තෝරා ගැනීමේදී සිදුවු නිර්ණායක ප්‍රකාරව යමෙකුට මෙම වැඩපිළිවෙලට අයදුම් කිරීමට නොහැකි වූයේ නම් මේ හරහා ඔවුන්ට ද අයදුම් කිරීමට හැකියාව පවතින බව සදහන් වේ.

මේ අතර ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි අස්වැසුම ප්‍රතිලාභ දීමනා ඉහළ නංවා ඇති අතර ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුසුකම් ඇති අලුතෙන් හඳුනාගන්නා පුද්ගලයන්ට එම දීමනාව අප්‍රේල් මස 1 වනදා සිට ලබාදෙන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කරයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *