13ක් රෝහලට යැවූ අ#නතුර.

මාපලගම සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයක් කළුතර, නාගොඩ, ගල්අස්ස ප්‍රදේශයේ දී එකම දිශාවට ගමන්ගත් ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

ත්‍රිරෝද රථය එක්වරම දකුණු දෙසට හැරවීමට උත්සාහ දැරීමේ දී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී අනතුර සිදුව තිබුණි.

අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව රෝහල් පොලීසිය පැවසීය.

ත්‍රිරෝද රථය අසල විහාරයකට යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දී ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *