13ක් රෝහලට යැවූ බස් රථය පෙරලීමේ අලුත්ම විස්තරේ මෙන්න.

0
97

ගොඩකවෙල ගලහිටිය ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද උදෑසන කොළඹ සිට මොණරාගල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

බස් රථයේ ගමන් කළ කාන්තාවන් ද ඇතුලු 13 දෙනෙකු තුවාල ලබා කහවත්ත මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රියදුරාට නින්ද යාම හේතුවෙන් බස් රථය ඔහුගේ පාලනයෙන් ගිලිහී ගොස් අනතුරට ලක්ව ඇති බවටයි මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here