Year: 2023


  • මාතර ග්‍රිඩ් විදුලි උපපොල ජලයෙන් යට වීමේ අවදානමක.

    අධික වර්ෂාව හේතුවෙන් මාතර විදුලිබල මණ්ඩලයේ ග්‍රිඩ් උප පොල ජලයෙන් යට වීමේ අවදානමක් මතුව තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ මාතර ග්‍රිඩ් උපපොළ අවට ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ ගියහොත් ආරක්ෂිත පියවර ගන්නා ලෙසයි. එම විදුලි උප පොළෙන් සපයන විදුලිය විසන්ධි කිරීමට සිදුවන අතර විදුලිය විසන්ධි වන ප්‍රදේශවලට දෙනියාය සහ බෙලිඅත්ත ග්‍රිඩ්…

  • අද සිට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ගන්න අවස්ථාව.

    අද (07) සිට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව ජනතාවට පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් අවධාරණය කර ඇත. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, බස්නාහිර පළාතේ ජනතාවට හැර සෙසු සියලු පළාත්වල ජනතාවට එම පහසුකම ලබාගත හැකි බවයි. ලබන වසරේ මාර්තු 31 වැනිදා සිට සෑම රාජ්‍ය ආයතනයකම ගෙවීමේ කටයුතු මාර්ගගත…

  • කාලගුණ‍යේ අවවාදාත්මක නිවේදනයක්.

    පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල, කළුතර, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්වල ප්‍රදේශ රැසකට නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ නිල්වලා ගඟ ද්‍රෝණියේ පහළ ගංවතුර නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට ඊයේ (06) නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය දින 02කට බලපැවැත්වෙන බවයි. පවතින අධික වර්ෂාවෙන් වැඩිම…

  • මාතර දිස්ත්‍රික්කයේ පාසල් නිවාඩුව තවත් දීර්ඝ වෙයි.

    පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ලබන 09 සහ 10 යන දෙදින තුළ ද වසා දැමීමට තිරණය කර තිබේ. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (07) පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්යේ පාසල්, ගතවූ දින දෙක තුළ ද වසා දැමීමට පියවර ගෙන තිබිණි. පවතින…

  • ජෝතිර්වේදී ඉන්දික තොටවත්ත පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනී.

    ජෝතිර්වේදී වරයෙක් වශයෙන් කටයුතු කරන ඉන්දික තොටවත්ත කියන්නේ ලංකාවේ කියන්නේ ලංකාවෙ බොහෝ දෙනෙක් දන්න කියන ප්‍රසිද්ධ චරිතයක්. අද දින ( 06 ) ඔහු අත්අඩංගුවට ගෙන තියනවා. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඔහුව අත්අඩංගුවට ගත් බවට තමයි සඳහන් වෙන්නේ. ඉන්දික තොටවත්තට අද දිනයේ (06) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පෙනී සිටින ලෙසට දුරකථනයෙන් සිදුවූ දැනුම්දීමක් මත…

  • ලොවක් කතා කළ නඩුවෙන් නිදහස් වූ ධනුෂ්ක මාස 11 කට පසු දිවයිනට.

    ඕස්ට්‍රේලියාවේදී ලිංගික අතවර චෝදනා එල්ලවූ නඩුවෙන් නිදහස ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණියා. ඔහු මෙලෙස දිවයිනට පැමිණියේ මාස 11 කට පසුවයි. ඕස්ට්‍රේලියාවේදී කාන්තාවක් ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා යටතේ සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ විභාගවූ නඩුවෙන් නිදොස්කොට නිදහස් වීමෙන් පසුවයි ධනුෂ්ක මෙලෙස මෙරටට පැමිණියේ. අදාළ සිද්ධියෙන් පසු ධනුෂ්ක…

  • කුලියාපිටියේ සිදු වූ බස් රථ අනතුරකින් පාසැල් සිසුන් 20කට තුවාල

    කුලියාපිටිය , හෙට්ටිපොළ මාර්ගයේ කරන්තිප්පල ප්‍රදේශයේදී පාසැල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අනතුරෙන් තුවාල ලැබූ පාසැල් සිසුන් 20 දෙනෙකු පමණ මේවනවිට කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි. නිකවැරටිය සිට කොළඹ බලා ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක් එලෙස…

  • තවත් බස් අනතුරක්. 22ක් රෝහලේ.

    අද (06) අලුයම බස් රථයක් සහ බහාලුම් රථයක් මුහුණට මුහුණ ගැටී තවත් අනතුරක් සිදුවී තිබේ. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කජුගම ප්‍රදේශයේදී අද අලුයම 5ට පමණ එම අනතුර සිදුවී ඇත. අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථය සහ කොළඹ සිට නුවර දෙසට ධාවනය වූ බහාලුම් රථයක් එලෙස මුහුණට මුහුණ ගැටී තිබේ. එම අනතුරත් සමගම බස් රථය පිටුපසින්…

  • දෙනියාය බලා ගමන් කරමින් තිබු බස්රථයක් කොල්ලුපිටියේදී අනතුරක්. 5ක් අවසන් ගමන්.

    කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ. මේ අතර ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගය රථවාහන ගමනාගමනය සඳහා තාවකාලිකව වසා දමා ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසීය. කොළඹ සිට…

  • බිල් ගෙවාගන්න බැරි ජනයා ඇමතිට විදුලි බිල යවයි.

    නියාගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ අමරගම ප්‍රදේශවාසීන් තම නිවාස වල ගෙවා ගැනීමට නොහැකි විදුලි බිල්පත් රැගෙන අමරගම පිහිටි උප තැපැල් කාර්යාලය වෙත පැමිණ ඔවුන්ගේ එම බිල්පත් සියල්ල ලියාපදිංචි තැපෑලෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙත තැපැල් කර තිබේ. පවතින අයහපත් කාලගුණයත් සමඟ එදාවේලවත් සොයා ගැනීමට නොහැකිව සිටින තමන්ට මෙම විදුලි බිල්පත් ගෙවා දැමීමට නොහැකි බව ඔවුන් පවසයි.…