2024 ආහාර මිල ගැන තොරතුරු රැස් කෙරේ.

එළැඹෙන 2024 වර්ෂයට අදාළ වන පරිදි සහල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශය විසින් තොරතුරු රැස් කිරීම ආරම්භ කර තිබේ.

එලෙස රැස් කරන තොරතුරු දෙසැම්බර් මස දෙවැනි සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඊට අදාළ ඉදිරි පියවර ගන්නා බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු පැවසීය.

ඒ අනුව​ මෙරට සිදු කරමින් තිබෙන ආහාර නිෂ්පාදන ප්‍රමාණය, ඉන් කොපමණ ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කරන්නේද ඒවා වෙළෙඳපොළට නොලැබීමෙන් පාරිභෝගිකයාට කොපමණ මිල වැඩිවීමකට මුහුණ දීමට සිදු වන්නේද ඇතුළු තොරතුරු මෙහිදී සොයා බලනු ලබයි.

කෙසේ වෙතත් මෙම තොරතුරු රැස් කිරීමෙන් අනතුරව ඒ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කර සහල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල සංශෝධනයක් විය හැකි බවද ඇමැතිවරයා සඳහන් කළේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *