Thu. Sep 19th, 2024

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව මේ වන විට පිළිගත් දේශපාලන පක්ෂ 11ක් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය ලබන 14 වන දින දහවල් 12.00න් අවසන් වීමට නියමිතය.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කළ යුතු බව පූජ්‍ය ඔමල්පේ සෝභිත හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ එසේ නොවුණහොත් බොහෝ ඡන්ද සංඛ්‍යාවක් එළඹෙන මැතිවරණයේ දී අවලංගු වනු ඇති බවය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *