26 හැවරදී එක් දරු මවදරුවා සමග කරගත් අහස පොලොව නුහුලන අප#රාධය.

26 හැවරදී එක් දරු මවදරුවා සමග කරගත් අහස පොලොව නුහුලන අප#රාධය.

අවුරුද්දක් පමණ වයසැති දියණිය සමඟ මවක් වැවකට පැන සියදිවි හානි කරගෙන ඇති බව ලිඳුල පොලීසිය පවසයි.

මෙසේ වැවට පැන සියදිවි හානි කරගෙන ඇත්තේ, ලිඳුල පොලිස් වසමට අයත් ලෝගි වත්තේ පදිංචිව සිටි 26 හැවිරිදි එක්දරු මවක් සහ ඇයගේ අවුරුද්දක් වයසැති දියණියයි.

සිය සැමියාගෙන් සහ සැමියාගේ පවුලේ ඥාතින්ගෙන් තමන්ට සහ දරුවාට හිරිහැර සිදුවන බවට මියගිය කාන්තාව විසින් පිටු තුනක ලිපියක් ලියා තිබේ.

එම ලිපිය, විවාහ සහතිකය සහ ජාතික හැඳුනුම්පත නිවස අසල ඇති වැව ළඟ තබා මියගිය කාන්තාව අද (23) උදෑසන පුංචි සිඟිත්තිය සමග වැවට පැන ඇති බව ලිඳුල පොලීසිය සඳහන් කළේය.

මවගේ සිරුර වැවෙහි පාවෙමින් ඇති බවත්, සිඟිත්තියගේ සිරුර වැවෙහි අතුරුදන්ව ඇති බවත් පොලීසිය පැවසීය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *