දිට්වා සුළු කුණාටුව හේතුවෙන් නැවතුන දුම්රිය දින 53කට පසු යලිත් ගමන් ආරම්භ වෙයි

දිට්වා සුළු කුණාටුව හේතුවෙන් නැවතුන දුම්රිය දින 53කට පසු යලිත් ගමන් ආරම්භ වෙයි

දිට්වා සුළු කුණාටුව හේතුවෙන් රට තුළ පවතින දුම්රිය මාර්ග රැසක් විනාශයට ලක්වූ අතර, පුත්තලම සිට පාලවිය දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට දින සිට යළිත් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ටික දිනකට පෙර රට ඇතිවූ කාලගුණික තත්ත්වය හේතුවෙන්  මීගමුවේ සිට පුත්තලම දක්වා දුම්රිය මාර්ගයට දැඩි හානි සිද්ධව තිබුණා.

ඒ අනුව හලාවත සිට පුත්තලම දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ බත්තුලු ඔය පාලම ආසන්නයෙන් ඩි දෙසියයකට වඩා වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම හානි සිද්ධව තිබුණේ ගලා ආ දැවැන්ත ජල කඳට හසුවීම තුළින්.

 මහවැව ප්‍රදේශයද දරුණු හානියකට ලක් වූ ස්ථානයන් යළිත්  සැකසීමෙන් අනතුරුව  හලාවත දුම්රිය ධාවනය පසුගිය දින කටයුතු කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග නඩත්තු සේවා ඒකකයේ  කාර්ය මණ්ඩලය විසින් දුම්රිය මාර්ගයේ හානි වූ සෙසු ස්ථාන සැකසීමට පියවර  ගෙන තිබෙනවා.

නඩත්තු කටයුතු අද වන විට අවසන්ව ඇති බවත් ඒ අනුව හෙට පෙරවරුවේ සිටියේ පලා විය දක්වා කාර්යාල දුම්රිය දින පනස් තුනකට පසුව ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩිදුරටත් සඳහන් කරනවා..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *