850ට නොදුන්නොත් කුකුල් මස් පිටරටින් ගේනවා – වෙළද ඇමති.

0
74

කුකුළු ගොවිපළ හිමියන් කුකුළු මස් කිලෝවක් රුපියල් 1250 කට විකිණීමට තීරණය කිරීම පාරිභෝගිකයන්ට කරන විශාල අසාධාරණයක් බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ඊයේ (03 දා) පැවසීය.

කුකුළු මස් කිලෝවක මිල රුපියල් 850කට විකිණීමට හැකියාවක් ඔවුන්ට තිබෙන බවද හෙතෙම කීවේය. ජනතාවට සහනයක් ලබාදිය යුතුව තිබියදීත් එම වගකීමෙන් බැහැරවීම සම්බන්ධයෙන් කුකුළු ගොවිපළ හිමියන් සමඟ තමා අද (4 දා) සාකච්ඡා කරන බවද හෙතෙම පැවසීය. කුකුළු ගොවිපළ හිමියන් බිත්තර මිල ඉස්සූ අවස්ථාවේ ඉන්දියාවෙන් බිත්තර ගෙන ඒම නිසා එම මිල ගණන් ක්‍රමයෙන් පහළ ගිය බව ද හිතන හිතන ආකාරයට කුකුළු මස් මිල ඉහළ දැමීමට තමා ඉඩ නොදෙන බව ද ඇමැතිවරයා පැවසීය.

කුකුළු මස් පිටරටින් ගෙන ඒමට පියවර ගැනීමෙන් පසු එම මිල ඉබේම පහළ බසින බව ද වෙළෙඳ ඇමැතිවරයා කියයි.

කුකුළු මස් කිලෝවක් රුපියල් 850 කට දිය හැකි බව වෙළෙඳ ඇමැතිවරයා මීට දින කිහිපයකට පෙර මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here