Fri. Sep 20th, 2024

කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන සමාජ මාධ්‍ය සමූහයන් තුළ අලෙවිවන බවට ලැබුණු තොරතුරක් සම්බණ්ධයෙන් පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

නූතන තාක්ෂණය භාවිත කරමින් සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ රාගම අවට ස්ථානයක සිට කිසිවෙකු විසින් මෙලෙස කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන ඇතුළත් රූපරාමු තොග වශයෙන් අලෙවි කිරීමෙහි නිරත වන බවය.

ඔහු ඒ සඳහා මුදල් ලබාගන්නේ ක්‍රිප්ටෝ කරන්සි ක්‍රමයෙන් බවද විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබුණි.

ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඊයේ දිනයේදී විමර්ශන නිලධාරීන් රාගම ප්‍රදේශයට ගිය අවස්ථාවේදී හෙලිවී ඇත්තේ මෙම ජාවාරම මෙහෙයවන්නේ ප්‍රදේශයේ විහාරස්ථානයක සිට බවය.

අනතුරුව අදාළ විහාරස්ථානය පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ එහි සිටි 19 හැවිරිදි චීවරධාරියෙකු විසින් මෙම ජාවාරම සිදුකර ඇති බවය.

මාස 7 සිට අදුරුදු 18 දක්වා දෙස් විදෙස් කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන 1500ක් පමණ සැකකරු භාවිත කරන පරිඝනයකයේ තිබී විමර්ශන නිලධාරීන් සොයාගත් අතර ඒ අතරින් සියයට 80ක් පමණ වයස අවුරුදු 10ට අඩු දැරියන්ගේ බව අනාවරණය වී තිබේ.

සමාජ මාධ්‍ය ජාල සහ විවිධ යෙදවුම්වලට වෙනත් පුද්ගලයින් මුදාහරින කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන තමා අලෙවි කළ බව සැකකාර චීවරධාරියා පිළිගෙන තිබේ.

සැකකාර චීවරධාරියා අදාළ වීඩියෝ පට අලෙවි කරන මුදල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ බැංකු ගිණුමකට බැරකරගෙන ඇති අතර, බැංකු ගිණුමේ හිමිකරුට පවසා ඇත්තේ තමන් සුළු ව්‍යාපාරයක් ලෙස ග්‍රාෆික දර්ශන සකසා අලෙවි කරන මුදල් ඊට බැරවන බවය.

අත්අඩංගුවට ගත් සැකකාර චීවරධාරියා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *