Fri. Sep 20th, 2024

දෙමව්පියන් අවශ්‍යතාවයක් සඳහා නිවසෙන් බැහැරව ගිය අවස්ථාවක කෑම කාමරේ බාල්කයේ කොටුවක් මත දිවි හානි කරගෙන ඇත.

දඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් මෙම දරුවා පසුගිය සාමාන්‍ය පෙළ විභාගයෙන්  A9 ලබාගෙන තම යහළුවා සමග මලියදේව විද්‍යාලයේ ගණිත අංශයෙන් ඉගෙන ගැනීම සඳහා මලියදේව විද්‍යාලයට ඇතුළත් ව ඇත.

මෙම දෙදෙනා එකට ගියත් පන්ති දෙකකට වෙන් ව යොමුව ඇති අතර එයද ඔහුගේ මූලික මානසික මට්ටම කඩා වැටීමට බලපා ඇති අතර පාසලේ සිසුන් විසින් ඔහුට වෙනස් ලෙස සැලකූ බැවින් සහ පාසල් පරිසරයට අනුගත නොවීම මරණයට හේතු වී ඇති අතර ඉන්පසු පසුගිය වාර පරීක්ෂණයේ දී පන්තියේ 8 වැනි ස්ථානය ලබාගෙන ඇති අතර ගණිතය සඳහා ලකුණු 42 ක සාමාන්‍ය ලබාගෙන තිබුණු නිසා ඔහු එය ගැන නිතරම කලකිරී යහළුවන් සහ දෙමව්පියන්ට පවසා ඇත.

එම දරුවාගේ යම් මානසික කඩා වැටීමක් ඇති බව ගුරුවරුන් විසින් දෙමව්පියන්ට දන්වා ඇති අතර වෛද්‍යවරුන්ට පෙන්නූ පෙන්වූ බව දෙමාපියන් පවසා සිටින අතර වෛද්‍යවරුන් පවසා සිටියේ කිසිම රෝග ලක්ෂණයක් නොමැති බවයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *