Thu. Sep 19th, 2024

උපක්‍රමශීලීව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරයෙකු නිවසට ගෙන්වා ගෙන පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමව සිටි අඹු සැමි යුවළකගෙන් කාන්තාව බණ්ඩාරගම පමුණුගම නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාව ඝාතනය සිදුවී වසර 33කට පසු මෙලෙස අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය පවසයි.

ඝාතනයට ලක්ව තිබුනේ වඩු ආරච්චිගේ අමරසිරි නැමති ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කල අයෙකි.

අත්අඩංගුවට ගත් සැකකාරිය එවකට ඝාතනයට ලක් වූ ඉංජිනේරුවරයා සිටි කාර්යාලයේ ඉංග්‍රීසි ලගු ලේඛිකාවක් ලෙස කටයුතු කර ඇති අතර දෙදෙනා අතර අනියම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි.

 ඒ සම්බන්ධයෙන් සැකකාර ලගු ලේඛිකාවගේ ස්වාමිපුරුෂයා වන දැනට අතුරුදන්ව සිටින සැකකරුට දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව සැකකාරිය ලවා ඉංජිනේරුවරයාව 1989 ජනවාරි 13 වෙනි දින ඔවුන් පදිංචිව සිටි අතුරුගිරිය වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවත නිවසට උපක්‍රමශීලීව ගෙන්වාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

අනතුරුව සැකකාර අඹුසැබි යුවළ එක්ව ඉංජිනේරුවරයාට පහරදී ඝාතනය කර ශරීරයේ කොටස් කර බැරලයකට බහා ඔවුන්ගේ වත්තේ පාළු ළිඳකට දමා වසා දමා තිබූ බව පොලිසිය පවසයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *