Fri. Sep 20th, 2024

මාතලේ මහ නගර සභාව එම නගර සභා බල ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනවලින් කසළ බද්දක් අය කිරීමට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මාතලේ මහ නගර සභා බල ප්‍රදේශය ආපනශාලා තොග හා සිල්ලර වෙළෙඳසල් ආදි වශයෙන් වෙළෙඳසැල් වර්ගීකරණය කර එක් එක් වෙළෙඳසැල්වලින් විවිධ කසළ බදු මුදල් අය කර ගැනීමට මේ වන විටත් නගර සභා පරිපාලන අංශය දැනුම් දී ඇති බවයි වෙළෙඳසැල් හිමියන් සඳහන් කර ඇත්තේ.

ඒ අනුව ආපනශාලා හෝටල් හා බේකරි සඳහා මාසිකව රුපියල් 15000ක මුදලක් ද, සැලුන් සඳහා මාසිකව රුපියල් 3000ක මුදලක් ද අයකෙරෙනු ඇති.

නගර සභාවට වරිපනම් ගාස්තු, වෙළෙද බලපත්‍ර ගාස්තු සහ අධික විදුලි හා ජල බිල්පත් ගෙවීමෙන් පීඩාවට පත්ව ඇති සිටින විටදී පවා මෙලෙස කසළ බද්දක් ද අය කිරීමට මහ නගර සභාව ගෙන ඇති තීරණයෙන් මාතලේ ව්‍යාපාරික ප්‍රජාව මහත් පීඩාවට පත්ව තිබෙනවා.

ඔවුන් කබලෙන් ළිපට ඇද වැටී ඇති බවත්, මේ පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු කර තමන්ට සාධාරණයක් ඉටුකර දෙන ලෙසත් මාතලේ සිංහල වෙළෙඳ පෙරමුණේ සභාපති කුමා සමරසිංහ මහතා ඉල්ලීමක් කළා.

මේ අතර මහ නගර සභා සේවකයන්ගේ වැටුප් ගෙවීමේදී සියයට විස්සක මුදලක් එම ආයතන දැරිය යුතු බවට මධ්‍යම රජය දන්වා තිබෙනවා.

ඒ හේතුවෙන් මාතලේ මහ නගර සභා සේවකයන්ට වැටුප් ගෙවීමට මිලියන 50ක පමණ මුදලක් උපයා ගැනීමට සිදුව ඇති බැවින් මහ නගර සභාවේ පරිපාලන අංශය ගත් තීරණයකට අනුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවද සඳහන්.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *