Fri. Sep 20th, 2024

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔමානය සමඟ පැවැති තරගය කඩුලු 08කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩයම සමත් වුණා.

ජයග්‍රහණය සඳහා ලකුණු 48ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 3.1ක් තුළ කඩුලු දෙකක් පමණක් දැවි තරගයේ ජය වාර්තා කළා.

එහි දී ජෝස් බට්ලර් ලකුණු 24ක් සහ ෆිල් සෝල්ට් ලකුණු 12ක් රැස්කරගැනීමටයි සමත් වුණේ.

මෙම ජයග්‍රහණයත් සමඟ එංගලන්තය ‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

එහි දී ඔවුන් ප්‍රසාද ලකුණු 03ක් ලබාගෙන ඇති අතර ඔවුන්ගේ දළ ලකුණු ලබා ගැනීමේ වේගයක 3.081ක් වනවා.

ප්‍රසාද ලකුණු 5ක් සමඟින් අදාළ සටහනේ දෙවන ස්ථානයේ පසුවන ස්කොට්ලන්තයේ දළ ලකුණු ලබාගැනීමේ වේගය 2.164ක්.

මූලිකයේ වටයේ එංගලන්තය නැමීබියාව සමඟ තරග වැදීමට නියමිත අතර එම තරගය ජය ගන්නේ නම් ඔවුන්ට සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමි වනු ඇති.

කෙසේ වෙතත්, ස්කොට්ලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය මත එංගලන්තයේ ලෝක කුසලාන ඉදිරි බලාපොරොත්තුව රඳා පවතිනු ඇති.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *