Thu. Sep 19th, 2024

කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී වයස අවුරුදු 15ක සිසුවෙකු සහ සිසුවියක් ඊයේ (02) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් මේ වනවිට CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමට ආරම්භ කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ මෙය සියදිවි නසාගැනීමක් බවට සැකපළ කරන බවයි.

ජීවිතක්ෂයට පත්වූ සිසුන් දෙදෙනා කොළඹ ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රේණියේ එකම පන්තියේ ඉගෙනුම ලබමිනුයි සිට ඇත්තේ.

මියගිය සිසුවා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිසුවිය කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

පොලිසිය විසින් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සබඳතාවක් පැවති බවයි.

ඊයේ (02) පාසල අවසන් වී සිසුවිය සහ සිසුවා සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පස්වන මහලේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානය වෙත පැමිණ තිබෙනවා

එහිදී ඔවුන් ඇඳුම් මාරුකර, පාවහන් ගලවා ඔවුන්ගේ බෑගයන් ද එම මධ්‍යස්ථානය තුළ තබා 67 වැනි මහලට ගොස් ඇත්තේ කායවර්ධන මධ්‍යස්ථානයට පිටතින් ඇති තරප්පු පෙළ ඔස්සේයි.

අනතුරුව ඔවුන් එම මහලෙන් බිමට පැන සියදිවි නසාගන්නට ඇති බවටයි පොලීසිය සැකපළ කරන්නේ.

ඔවුන්ගේ සිරුරු මහල් 70කින් යුත් එම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 03 වන මහලේ ඇති වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ තිබියදී හමුව තිබෙනවා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *