Fri. Oct 18th, 2024

ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල් අතුරින් සියයට සියයට 22ක් ණයගැතිභාවයට පත්ව ඇති බැව් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත්කොට ඇති ගෘහඒකක සමික්ෂණ (2023) වාර්තාවේ සදහන් වේ.
ණයගැතිතාවයේ ඉහළම අනුපාතය වාර්තා වන්නේ උකස් කටයුතු සඳහා වන අතර උකස් කටයුතු වලින් සියයට 31 ණය ලබාගෙන ඇත.

එමෙන්ම මෙරට පවුල් අතුරින් සියයට 22.3ක් ණය ලබාගෙන ඇත්තේ දෛනික ආහාර අවශ්‍යතා සපුරාගැනිම සදහා බවද මෙකි වාර්තාවේ සදහන් වේ.

රජයේ හා පුද්ගලික බැංකු වලින් සියයට 21.9ක්, සමෘද්ධි ප්‍රජාමුල බැංකු මගින් සියයට 7.1ක්, මුදල් ණයට දෙන අයගෙන් සියයට 9.7ක්, මුල්‍ය හා ලිසිං ආයතනවලින් සියයට 8.7ක්, ණය ලබාගෙන තිබුණි.

එමෙන්ම ආර්ථික කටයුතු සදහා සියයට 15.7ක්, නිවාස ගොඩනැගිලි ඉදිකීරිම හා අලුත්වැඩියා කිරිම සඳහා සියයට 17ක්, සෞඛ්‍ය අවශ්‍යතාවයන් සඳහා සියයට 9.9ක්, කලින් ලබාගත් ණය පියවීම සදහා සියයට 11.9ක් ණය ලබාගෙන තිබුණි.

ආර්ථික අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනිම සඳහා වැඩිපුර ණය ගැනිමට ගෘහ ඒකක යොමුවිම නිසා ණය බර වැඩිවි ඇති බවද මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

ණය ආපසු ගෙවිමට ඇති බැදිම, ණය ආපසු ගෙවිමට නොහැකිවිම, ප්‍රමාද ගෙවිම් පැහැර හැරිම, හෝ ණය මත යැපිම් වැනි හේතු නිසා ණය ආපසු ගෙවිමේ අභියෝග මතුවී ඇත.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *