Sun. Apr 20th, 2025

2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමා ද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

මේ මොහොතේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව නිවේදනය කළා.

රට පත්ව ඇති අගාධයෙන් ගොඩගෙන මෙරට ආර්ථිකය ස්ථාවර කර ජනතාවට සහන සැළසීම සිය අරමුණ බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

By Aloka